නවතම පුවත්

පාරට ගැළපෙන වාහන හදන්න මහින්ද්‍රා ලබන 17 වැනිදා සිට

අසංක

අසංක

මෙරට ප්‍රථම වතාවට නවීනතම තාක්‍ෂණයෙන් සමන්විතව මෙරට මාර්ග පද්ධතියට මනා ලෙස ගැළපෙන නවීන මෝටර් රථයක් නිපදවීමට කළුතර පිහිටි මහින්ද්‍රා අයිඩියල් ශ‍්‍රී ලංකා සමාගමේ නවීනතම මෝටර්රථ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු ල බන 17 දින යෙදෙන සුභ මොහොතින් ආරම්හ කෙරේ.

මෙම සුවිශේෂී කටයුත්ත පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ සභාපති මෙන්ම අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සභාපති නලීන් වෙල්ගම මහතා මෙසේ පැවසීය .

“අපි ආරම්භ කරන්න යන දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ මහින්ද්‍රා සමාගමේ සියයට 35ක ආයෝජනයක් තියෙනව. ඉතිරි සියයට 65 ආයෝජනය කරන්නෙ අපි විසින්. නමුත් වසර 10ක් තුළ මහින්ද්‍රා ආයතනය හා අපි අතර තිබුණු විශ්වාසය, විනිවිදබාවය හින්ද මහින්ද්‍රා ආයතනය විසින් තීරණය කරනව ලාංකික ආර්ථිකයේ දියුණුව පිණිස දැවැන්ත ආයෝජනයක් සිදු කරන්න. එ අරමුණෙන් තමයි අපිට මේ ප‍්‍රතිලාභය ලැබෙන්නේ. ඒ හරහා අයිඩියල් ආයතනය එක්ක සම්බන්ධ වෙන මහින්ද්‍රා ආයතනය අපේ රටට අවශ්‍ය වාහනය ,මෙරටම නිපදවීම සිදු කරනව.

ඉන්දියාව ඇතුළු ලෝකයේ වෙනත් රටවල් මේ දේ දැන් කාලෙක ඉඳන් සිද්ධ කරනවා. ටොයොටා ඩබල් කැබ් එක එන්නෙ, තායිලන්තයෙන්. තායිලන්තයේ තියෙන ටොයොටා කර්මාන්තශාලාවේ ඒක හදනවා. මර්සිඞීස් බෙන්ස් කාර් එක හදන්නේ දකුණු ඇමරිකාවෙ. ජර්මනියෙ තාක්‍ෂණය ඇමරිකාවට අරන් ගිහින් ඔවුන් ඒ දෙය කරනව. රටක් ඉස්සරහට යන්න නම් ඒ දේවල් සිදුවිය යුතුයි.

මහින්ද්‍රා සමාගම ලංකාවට එන්නෙත් මේ රටේ මුදල් ඉන්දියාවට අරන් යන්න නෙවෙයි. මේ කාර් එක සඳහා යොදා ගන්න ටයර් එක හදන්නෙ සියැට් සමාගමෙන්. සීට් සෙට් එක ගත්තත් ඒක මුළුමනින්ම ශ‍්‍රී ලාංකික නිෂ්පාදනයක්. බැටරිය හදන්නෙ ලංකාවේ. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ ලෝකයේ දියුණුම තාක්‍ෂණය හුවමාරු කර ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි.

. අපේ රටේ අලූතින් වාහනයක් හදන නිසා අපේ අයට හොඳ නිෂ්පාදන අවස්ථාවක් උදාවෙලා තිබෙනව. ඒ හරහා ඉදිරියේදී ඒ අයට දේශීය වශයෙන් පමණක් නොවෙයි, ජාත්‍යන්තර වශයෙන් තමන්ගෙ නිෂ්පාදන ඉන්දියාවට දෙන්න අවස්ථාව උදාවෙනව. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් තියෙනව. මෙතෙක් කලක් ඒ හරහා සිද්ධ වුණේ ඔවුන්ගේ නිෂ්පාදන අපට දීපූ එක පමණයි. ඉදිරියේදී අපේ දෙය ඉන්දියාවට දෙන්න පුළුවන් මාර්ග මේ හරහා විවර වෙනව. රටක් විදිහට ඒකත් අපි ලබන ලොකු ජයග‍්‍රහණයක්…’’

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්