ගෝඨාභය ස්වර්ණමාලි මහ සෑය වන්දනා කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ මහතා හා ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඊයේ (12) පස්වරුවේ රුවන්වැලිසෑය මහ සෑය අභියස පැවති ආශිර්වාද ජය පිරිත් සජ්ඡායනාවට සහ අධිෂ්ඨාන පිංකමට සහභාගිවූ අතර මේ කටයුත්ත සදහා අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු මහ සංඝරත්නය එක්දහස් පන්සියයකට වැඩි පිරිසක් වැඩම කර සිටි අතර මෙහිදි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රටට සෙත් පතා ජය පිරිත් දේශනා කලහ.

මේ අවස්ථාවට විපක්ෂයේ දේශපාලන නායකයන් හා විශාල ජනතාවක් එක්ව සිටියහ.

අද දිනයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා මහින්ද රාජපක්ෂ මහතා ජය ශ්‍රී මහ බෝසමිඳුන් ගේ ආශිර්වාදය ලබා ගැනීමට නියමිත අතර අද (13) අනුරාධපුර කේන්ද්‍ර කරගනිමින් පිංකම් රාශියක් සිදු කිරිමටද නියමිතයි.