මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් එම ප්‍රදේශවල පස්කඳු කඩා වැටීමේ හා නායයාමේ අවධානමක් මතුව තිබේ.
ඒ අනුව අදාළ අවදානම් ප්‍රදේශ වල ජීවත්වන ජනතාවට අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටී .
මේ වනවිට හැටන් – දික්ඔය – කොටගල යන ප්‍රදේශවල නිවාස කිහිපයකටම , පස්කඳු කඩාවැටීම් හේතුවෙන් හානි සිදුවී ඇත.
එසේම ඊයේ මධ්‍යහ්නයේ මස්කෙලිය ශ්‍රී පාද නල්ලතන්නිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් පැය කිහිපයක් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවී තිබිණ.