මේ වෙලාවේ රටට ඕනේ ජනපතිවරණයක් නෙවෙයි – සම්බන්ධන්

Picture of අසංක

අසංක

මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ ජනාධිපතිවරණයක් නොව, ව්‍යවස්ථා සංශෝධනයක් වන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා අවධාරණය කර සිටී.

විධායක ජනාධිපතිධූරය අහෝසි කර , බලය නිසි ලෙස විමධ්‍යගත කරන ලද ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දු වූ රජය , ඒ සියලු කටයුතු පසෙකලා , යලි ජනපතිවරණයක් පැවැත්වීම , කිසිසේත්ම පිළිගත නොහැකි බවද ආර් සම්භාන්ධන් මහතා ප්‍රකාශ කර සිටී.

මේ දිනවල මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ විශේෂ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ජාවකදී සම්භාන්ධන් මහතා මේ බව සඳහන් කර ඇත.

ද්‍රවිඩ ජනතාවගේ ගැටලුවලටද විසදුම් ලැබෙන ව්‍යස්තාවක් රටට අවශ්‍ය බවත් , එය දිනෙන් දින ප්‍රමාද පිළිබඳව ද්‍රවිඩ ජනතාව කනස්සල්ලෙන් සිටින බවත් සම්භාන්ධ්න් මහතා මෙහිදී පවසා ඇත.