ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට්

Picture of අසංක

අසංක

2028 වසරේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාවද ඇතුලත් කිරීමට සැලසුම් කර ඇති බව එම් සී සී ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති මයික් ගැටින්ග් මහතා ප්‍රකාශ කර සිටී .

ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව සමග එක්ව මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් , ඒ හරහා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ලොව පුරා ප්‍රචලිත කිරීමට හැකිවනු ඇති බවත් ගැටින්ග් මහතා පසුගියදා එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාගාරයේ පැවති විශේෂ උත්සවයකදී සඳහන් කළේය .

2022 වසරේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලටද මේ වනවිට කාන්තා ක්‍රිකට් තරඟ ඇතුලත් කිරීමට දැනටමත් අවසර ලැබී ඇති බවද ගැටින්ග් මහතා මෙහිදී සඳහන් කළේය .