නවතම පුවත්

අති නවීන S14 බලවේග කට්ටල දුම්රිය කොළඹට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උඩරට මාර්ගයේ ධාවනයට විශේෂයෙන්ම සැකසූ මෙම බලවේග දුම්රිය කට්ටලයක වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 10. 3කි. එනම් රුපියල් මිලියන 1839.5කි. එවැනි බලවේග කට්ටල නවයක් ලංකාවට ගෙන එයි.

අති නවීන එස් – 14 බලවේග කට්ටලයක එංජින් දෙකක් ඇත. වායුසමනය කළ මැදිරි දෙකකින්ද දෙවැනි පංතියේ මැදිරි දෙකකින්ද තුන්වැනි පංතියේ මැදිරි තුනකින්ද එය සමන්විත වෙයි. භෝජන මැදිරියක්ද ඒ අතරේ ඇත. ඉදිරි දින කිහිපයේදී මෙම බලවේග කට්ටලය පරීක්ෂණ ධාවනයට යොමු කිරීමෙන් පසුව උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට යොදවන බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ දිගු මැදිරි සහිත දුම්රිය හෝ බලවේග කට්ටල ධාවනය කිරීම පහසු නොවන්නේ එම මාර්ගය බෑවුම් සහිත සහ වංගු සහිත වීම නිසාය. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමේදී දුම්රිය හිඟයකට දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී සිටී. ඊට පිළියමක් වශයෙන් එම මාර්ගයේ ධාවන කළ හැකි බලවේග කට්ටල නවයක් චීනයෙන් ආනයනය කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කෙරිණ. අද මෙරටට ගොඩබෑවේ එයින් එක් කට්ටලයකි. ඉතිරි අට ඉදිරි දින කිහිපයේදී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබේ. එම බලවේග කට්ටල අතර වායු සමනය කළ මැදිරි හතරකින් යුක්ත බලවේග කට්ටල තුනක්ද වෙයි. එම බලවේග කට්ටල යොදා ගනිමින් නගරාන්තර දුම්රිය සේවාවක් ආරම්භක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්