ලංකාවේ වාර්ෂිකව ගැබ් ගෙළ පිළිකා රෝගීන් දහසක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ගැබ්ගෙල පිළිකා රෝගීන් 1000 කට අධික සංඛ්‍යාවක් හඳුනාගැනෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA)ප්‍රකාශ කර සිටී.

ගැබ්ගෙල පිළිකාව යනු ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර තුන්වන වඩාත් සුලබ පිළිකා ප්‍රභේදයක් වන බවත් 2018 වසරේදී පමණක් අලුත් රෝග හඳුනාගැනීම් 1,136ක් වාර්තා වි ඇති බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කියා සිටියි.

ගැබ්ගෙල පිළිකාවලට මූලික හේතුව මානව පැපිලෝමා වයිරසය වන අතර . එය ලිංගිකව සම්ප්‍රේෂණය වන, පහසුවෙන් ව්‍යාප්ත වන ආසාදන තත්වයකි.

වර්තමානයේදී ශ්‍රී ලංකාවේ මෙන් ම ලොව පුරා ම ගැබ්ගෙල පිළිකා වළක්වාගැනීම සඳහා වැඩි අවධානයක් සහ සම්පත් යොදවා ඇති බවත් . කාන්තාවන්ගේ සෞඛ්‍ය කාරණා සමග සම්බන්ධ සේවා සංවර්ධනය කිරීම ට තම සංවිධානය ශ්රෝ‍රී ලන රජය සමග එක්ගව කටයුතු කරන බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සඳහන් කර සිටී.