ලබන වසර මුල් මාස කිහිපයේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ලබන වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකිරීමට පියවර ගැනෙනු ඇත.
මේ වසර අගදී ජනාධිපතිවරණයත් ලබන වසර මුලදී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබීම ඊට හේතුවයි.
ඒ අනුව මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.