ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ ඇති සියලු බලතල දෙමළ ජනතාවට ලබාදිය යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
දෙමළ ජනතාවට ඉඩම් හා පොලිස් බලතල ලබාදී දේශපාලන විසදුමක් ලබාදිය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.
මේ සදහා ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ඊට සිංහල බහුතරයකගේ කැමැත්ත ලබාගත හැකි බව ද නවීන් දිසානායක අමාත්‍යවරයා අවධාරණය කළේය.
මුලතිව්හි පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ අදහස් පළකළේය.
දෙමළ ජනතාවගේ ඉල්ලීම් ගැන සිංහල දේශපාලන නායකයින් විසින් සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
දෙමළ ජනතාවගේ ඉල්ලීම් ගැන සිංහල දේශපාලන නායකයින් විසින් සොයා නොබලන්නේ නම් අනාගතයේදී විශාල ගැටළුවකට මුහුණ දීමට සිදුවන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.