එක්සත් ජාතික පක්ෂ පෙරමුණ් පක්ෂ නායක රැස්වීමක් ඊයේ (13) පැවැත්වුනා එහදි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ මෙසේ පැවසුවා තමන් කිසිවක් අසුබවාදීව නොදකින බවත් ධනාත්මක චින්තය පිළිබඳ විශ්වාසය තබන බවත් එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා
ශක්තිමත් දේශපාලන ගමනක් ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කොයි ආකාරයෙන්ද යන්න ගැන ක්‍රමෝපායන් ක්‍රමවේද ගැන අපි සාකච්ඡා කළා.
අපේ රටේ කථා කිරීමේ නිදහස තිබෙනවා. මතයක් දැරිමේ නිදහස තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවදි ක්‍රමවේදය තුළ ඕනෑම තෙනෙකුට තමන් විශ්වාස කරන මතයක් දරන්න ඉඩ තිබෙනවා.
සත්‍ය කවදා හෝ ජයගනියි. අපේ දේශපාලන ගමන අනාගතය තීන්දු වන්නේ තවත් නෙනෙකුගේ අපේක්ෂකත්වය මත නෙමෙයි. අපේ ප්‍රතිපත්ති, දර්ශනය අනුවයි.
මම කිසිදෙයක් අසුභවාදීව සිතන්නේ නෑ. මම ධනාත්මක චින්තනය විශ්වාස කරන කෙනෙක් යැයි ඒ මහතා පැවසීය.