2020 ට පෙළ පොත් බෙදාහැරීම 16 සිට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2020 වසර සඳහා නොමිලේ ලබා දෙන පෙළපොත් බෙදා හැරීම ලබන 16 වන දා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

මීට අමතරව ගුරුවරුන්ට ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබා දිය යුතු බවට ද අධ්‍යාපන අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යංශය සඳහන් කළේ ය.

සියලු ජාතික පාසල් හා සිසුන් 1500කට වැඩි පළාත් පාසල් සඳහා සෘජුවම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් පෙළපොත් සහ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබා දීම මේ යටතේ සිදු වනු ඇති