කලාපීය වශයෙන් ත්‍රස්තවාදය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කළ යුතු බව මෙරට ඉන්දීය මහකොමසාරිස් තරංජිත් මහතා පැවැසීය.
ඒ මහතා මේ බව අද පැවැසුවේ 73 වැනි ඉන්දීය නිදහස් දින වෙනුවෙන් මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදීය.
ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම මොහොතක සහයෝගය ලබාදීමට ද ඉන්දියාව සූදානම් බව හෙතෙම සඳහන් කළේය.
දෙරට අතර සහෝදරත්වය ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් වනු ඇතිබවට අපේක්ෂා කරන බව ද ඔහු විශ්වාසය පළකළේය.
ශ්‍රී ලංකාව තම රාජ්‍යයේ වැදගත් අසල්වැසියෙක් බවද ඔහු අවධාරණය කර සිටියි.