නවතම පුවත්

බඩඉරිඟු මෙට්‍රික් ටොන් 80000ක් ආනයනය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍ලංකාවේ බඩඉරිගු වගාවට බලපෑ සේනා දළඹු උවදුර නිසා 2019 වසරේ දේශීය බඩඉරිඟු නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 80000ක් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව ගණන් බලා ඇති බව රජය පවසයි.

මෙට්‍රික් ටොන් 50000ක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් ආනයනය කිරීමටත් අනතුරුව ආනයනයන කරන බඩඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් ආනයනය කරන බඩඉරිඟු  සත්ත්ව පාලනයේ නිරත සමාගම්වල ඉල්ලුම අනුව බෙදා හැරීමට නියමිතය.

දෙවනුව අවශ්‍ය කරන බඩඉරිඟු ප්‍රමාණය එක් එක් සමාගම් විසින් නිෂ්පාදනය කරන සත්ව ආහාර ප්‍රමාණය හා ඇතිදැඩි කරන සතුන් ප්‍රමාණය මත පදනම්ව සත්ත්ව නිෂ්පාදනය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සත්ත්ව ආහාර නිෂ්පාදකයන් හා කුකුළු ව්‍යාපාරිකයන් වෙත 2020 ජනවාරි මස 31 දිනට පෙර ආනයනය කර ගැනීමට අවසර ලබාදීමටත් එහිදී බඩ ඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමටත් නියමිතය.

එසේම බඩඉරිඟු වගා කිරීම සඳහා පෙළඹවීමක් ඇති කිරිමට අදාළව ගොවීන්ට නොමිලයේ බීජ ලබාදීමටත් මෙහිදී අවධානය යොමුකර තිබේ.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත්  සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ඉදිරිපත් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්