රාජ්‍ය ආරක්ෂක හමුදා මූලස්ථානයට ඇතුළුවන ප්‍රධාන දොරටුවේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත ඉංජිනේරු බලකා සෙබලෙක් ඊයේ (14) අළුයම සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේය.
වෙඩි පහරවල් 18 ක් ඔහුගේ පපු ප්‍රෙදේශයේ සිට හිස දක්වා වැදී ඇතැයි කොටුව පොලිසිය සදහන් කරයි. ටී 56 අවියේ එකවර පතොරම් සියල්ලම පිට වෙන ආකාරයට සකස්කරගෙන එම වෙඩි තබා ගැනීම කරගෙන ඇතැයි විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.
පොළොන්නරුව අත්තනකඩවල පදිංචිකරුවෙක් වන ප්‍රභාත් මනෝජ් නැමැති විසිහත් වියැති සෙබලෙක් එසේ සිය දිවි හානිකර ගෙන ඇත. මෙසේ ඔහු සිය දිවි හානිකරගෙන ඇත්තේ සිය උපන් දිනය දවසේමය.
ප්‍රේම සම්බන්ධයක් මත ඇති වුණු හිත් තැවුලක් මෙම සෙබලා සිය දිවි හානිකර ගැනීමට මුල්වී ඇතැයි මූලික විමර්ශනවලින් පෙනීගොස් තිබේ.
අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර් ය බලකා සෙබලෙක්ද ස්විස්ටර්ලන්ත තානාපති නිල නිවසේ ආරක්ෂාවට යොදවා සිටි ගුවන් හමුදා සෙබලෙක්ද අනුරාධපුර හමුදා කදවුරේ ආරක්ෂාවට යොදවා සිටි සෙබලෙක්ද පෙම් පලහිලව් මත මෑතකදී සිය රාජකාරි ගිනි අවිවලින් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේය. එම සෑම සෙබලෙක්ම වයස අවුරුදු 30ට අඩු අවිවාහකයන්ය.
සිය පෙම්වතිය මුණ ගැසීමට නිවාඩු නොලැබීම් වැනි කාරණා සියදිවි හානිකර ගැනීම්වලට වඩාත් මුල්වී ඇතැයි පෙනී ගොස් තිබේ. සේවයේ නිරතව සිටියදී සමාජ ජාල ඔස්සේ සිය පෙම්වතියන් සමග අදහස් හුවමාරුකර ගැනීම්වලදී මෙවැනි සිත් අමනාපයන් ඇති වී සියදිවි හානි කරගැනීම්වලට සෙබලුන් පෙලබී ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.