එජාප පසුපෙළ හා සජිත් අතර විශේෂ සාකච්ඡාවක්

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම හා සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ නිළ සාකච්ජාවක් ලබන සඳුදා දින පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී එළඹෙන ජාන්ධිපතිවරණයට අදාළ අතිශය වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ජා කිරීමට නියමිතව ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකධූරය පිළිබඳව මෙන්ම අගමැති අපේක්ෂකත්වය ගැනද මෙහිදී පුළුල්ව සාකච්ජා කෙරෙනු ඇත.

සජිත් ප්‍රේමදාස මහතා එජාපෙ ජනපති අපේක්ෂක විය යුතුය යන යෝජනාවට සහය දක්වන එම පක්ෂයේ සියලු පසුපෙල මන්ත්‍රීවරුන් මෙම සාකච්ජාවට එක්වෙනු ඇති බවටද තොරතුරු වාර්තාවේ,