හබරණ අනතුරින් තිදෙනෙකු මරුට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2019.08.15 වන දින රාත්‍රී 10.00 ට පමණ හබරණ පොලිස් වසමේ හබරණ දඹුල්ල මාර්ගයේ මීගස්වැව ප්‍රදේශයේදී දඹුල්ල දෙස සිට හබරණ දෙසට ධාවනය වූ කුඩා වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරිකින් තිදෙනෙකු මියගොස් ඇත අනතුරින් වෑන් රථයේ ගමන්කල තවත් දෙදෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇත.

මරණකරුවන් වයස අවුරුදු 33ක් වූ මල්ලවපිටියේ නසාර් මාවත  කුරුණෑගල ලිපිනයේ පදිංචි අබ්දුල් නෆාර් රාජා වෑන් රථයේ රියදුරු වයස අවුරුදු 40ක් වන 55/05 මුස්ලිම් කොළනිය පොළොන්නරුවේ  ලිපිනයේ පදිංචි සුමුදු ශ්‍රීනා ගැහැණු වයස අවුරුදු 27ක වන 55/05 මුස්ලිම් කොළනිය පාරේ ලිපිනයේ පදිංචි සමුදි සප්නා යන අයයි මෘත ශරිර දඹුල්ල රෝහලේ තැන්පත් කර ඇත.