ජම්මු-කාශ්මීර අලුත් අර්බුදය ජගත් ආරක්ෂක කවුන්සිලයට

Picture of අසංක

අසංක

ජම්මු – කාශ්මීර ගැටලුව සම්බන්ධයෙන් වන විශේෂ රහස් සාකච්ජාවක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (16) රැස්වීමට නියමිතයි.

චීනයේ ලිඛිත ඉල්ලීමකට අනූව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල මූලස්ථානයේදී එරට වේලාවෙන් පෙරවරු 10 ට මෙම රහස් සාකච්ඡාව ආරම්භ වනු ඇත.

චීනයේ ඉල්ලීම්වලට අනුව රහසිගතව පැවැත්වෙන සාකච්ඡාව, මාධ්‍යයට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට විවෘත නොවනු ඇති.බව වාර්තාවේ,

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් පස්දෙනා ඇතුළු සියලු සාමාජිකයින් 15 දෙනා පමණක් ඊට සහභාගී වීමට නියමිතයි.