වැලිකඩ ජේලර් ඝාතකයා ලක්ෂයකට ගත් කුලී වෙඩික්කරුවෙක්

Picture of අසංක

අසංක

වැලිකඩ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂයක් ගෙවා ලබාගත් කුලී වෙඩික්කරුවකු විසින් බව විමර්ශනයේදී හෙළිවී තිබේ.

වෙඩික්කරු රත්ගම පදිංචිකරුවෙකි.

ඝාතනය සඳහා යොදාගත් වාහනය පන්නිපිටිය ප්‍රදේශයේ වාහන කුලියට ගන්නා ස්ථානයකින් ගත් එකක් වන අතර සිද්ධියෙන් පසුව වාහනය අදාළ ආයතනය වෙත භාරදී තිබුණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් හික්කඩුව තිරාණගම සංචාරක නිවාඩු නිකේතනයක සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනා මතයි.

නමුත් ඔවුන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම ඝාතනය පිළිබඳ තොරතුරු ද හෙළිවී තිබේ.