සහරාන්ගෙන් පුහුණුව ලැබූ නවුෆර් මවුලවිගේ පුතාත් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කළ ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ නායක සහරාන්ගෙන් පසුව පැමිණීමට සිටි අනුප්‍රාප්තිකයා වූ අත්අඩංගුවට ගෙන සිටින නවුෆර් මවුලවිගේ පුතා අම්පාරේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ වයස අවුරුදු 16කි.

මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා නමැති මෙම තරුණයා පසුගිය වසරේදී සහරාන්ගේ නුවරඑළියේ පුහුණු කඳවුරෙන් පුහුණුව ලැබූ අයෙකි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අද දින අම්පාරට පැමිණෙන ලෙස දැන්වීමෙන් පසුවයි.

නවුෆර් මවුලවි යනු ජමාතේ මිල්ලතේ ඊබ්‍රහීම් සංවිධානයේ න්‍යායාචාර්‍යවරයා ද වේ.