දිස්ත්‍රික් කිහිපයක ඩෙංගු පැතිරෙයි

Picture of අසංක

අසංක

නිරිත දිග මෝසම් වර්ෂාවත් සමඟ ඉදිරි මාස තුන තුල වැඩි වශයෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමක් සිදුවිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර සිටී

මේ විට රටපුරා ඩෙංගු රෝගීන් 36,000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ ලෙසම හඳුනාගත් මරණ 55 ක්ද වාර්තා වී ඇති බව ද එම ඒකකය පවසයි .

ජූනි,ජූලි සහ අගෝස්තු මාසවල පවතින නිරිත දිග මෝසම් වර්ෂාවත් සමග වැඩි වශයෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වන බවත් 2017 වර්ෂයේදී ඩෙංගු රෝගයේ ඉතා සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබුණු බවත් 2017 වර්ෂය හා සංසන්දනය කර බලන විට මේ වසරේදී වැඩිවීමක් සිදු වී නැත.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ කොළඹ,ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලත් ගාල්ල සහ හම්බන්තොට යන ප්‍රදේශවලත් සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේත් ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන අතර කෑගල්ල සහ මහනුවර යන ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ සුළු වැඩිවීමක් මේ වන විට වාර්තා වී තිබේ. වැඩි වශයෙන්ම ඩෙංගු ව්‍යාප්තිය ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙනි.