නවතම පුවත්

ගෝඨාභය රාජපක්ෂ රටේ නායකත්වයට ඉතාම සුදුසුයි – ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ක‍්‍රියාවෙන් තම හැකියාව ප‍්‍රදර්ශනය කර, ජනාතවගේ ප‍්‍රසාදය දිනාගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නායකත්වයට සුදුසු බව කෝට්ටේ ශී‍්‍ර කල්‍යානි සාමගි‍්‍ර ධර්ම මහා සංඝසභාවේ මහානායක, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුළපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියො ප්‍රකාශ කළහ.

ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18දා) උන්වහන්සේ බැහැදැක ආශීර්වාදය ලබාගැනීමෙන් අනතුරුව අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

දේශපාලන නායකයෙකුට එහා ගිය ජාතික නායකයෙකුගේ මට්ටමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක තෝරා ගැනීම බුද්ධිමත් තින්දුවක් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

“ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සේවාව ඇගයිය යුතුයි. ආරක්ෂක ලේකම්වරයා වශයෙන් පත්වූ අවස්ථාවේ සරත් ෆොන්සේකා මහතාගේ හමුදාපතීත්වයත් සමග කිසිදා ජයගත නොහැකි යැයි අපේ ඇතැමුන් කියූ උතුරේ ත‍්‍රස්තවාදය අවසන් කර රටේ සාමය ඇති කළා. ඒ යුග මෙහෙවරින් පසුව කොළඹ නගරය හා තදාසන්න ප‍්‍රදේශ සංවර්ධනය කිරීමට දායකත්ව සැපයුවා.

අද බොහෝ දේශපාලනඥයින් අනුන්ට මඩ ගසමින් රටත් ජනතාවත් අනතුරේ දමමින් දිගින් දිගටම කටයුතු කරමින් තිබෙනවා. යුද්ධයෙන් රට මුදවා ගත්තා සේ මේ දේශපාලන මඩ ගොහොරුවෙන් ගොඩ ඒමටත් සියලු උත්සාහයන් දැරිය යුතුයි. මහ ජනතාවට බරක් වී ඇති රටට නොගැලපෙන දෙමුහුන් මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමත්, රට මුහුණ දී සිටින ආර්ථික ආගාධයෙන් ගොඩගෙන රට සංවර්ධනය කිරිමත් සඳහා ශක්තිමත් අවංක දේශපාලන නායකත්වයක් අවශ්‍යයි.

ඒ සදහා කතාවෙන් නොව ක‍්‍රියාවෙන් තම හැකියාව ප‍්‍රදර්ශනය කර ජනාතවගේ ප‍්‍රසාදය දිනාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නායකත්වයට සුදුසු බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරනවා.”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා