අයි.එස් සංවිධානයේ මෙහෙයුම් ප්‍රධාන ලෙසම ක්‍රියාත්මක වන රාජ්‍යයන් අතරට ශ්‍රි ලංකාවද ඇතුලත්වන බව ඇමෙරිකාව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් අනාවරණය වී ඇතඇමරිකාව මුලික කරගත් බුද්ධි තොරතුරු ආයතනයක් විසින් ඉදිරිපත් කළමෙම වාර්තාව මඟින් දක්වා ඇත්තේ ශ්‍රි ලංකාව, ඉන්දීයාව, තුර්කිය සහ ඇෆ්ගනිස්ථානය ඉස්ලාමිය රාජ්‍ය සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන නව රටවල් ලෙස අයි.එස් ත්රස්තවාදීන් ප්‍රකාශයට පත් කර ඇති බවය.ඉරාකයේදී සහ සිරියාවේදී එම සංවිධානය පරාජයට පත් වීම හේතුවෙන් ඔවුන් ආසියාවේ සහ මැදපෙරදිග වෙනත් රාජ්‍යන් කෙරෙහි අවධානය යොමු කර තිබේ.