නවතම පුවත්

පාතාලයට සම්බන්ධ හෝටල් හිමිකරුවෙක් දේශපාලන පක්ෂයක් මිලට අරන්

අසංක

අසංක

හික්කඩුව සහ ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන පාතාල අපරාධ සමග නිරන්තරයෙන් නම කියවෙන පාතාලයට සම්බන්ධ ප්‍රබලයකු දේශපාලන පක්ෂයක් මිලදීගෙන ඇතැයි බුද්ධි අංශ විසින් හෙළිකරගෙන තිබේ.

හික්කඩුව ආශ්‍රිතව ඔහුට අයත් හෝටලයක් තිබී ඇත.

එම හෝටලය මෑතකදී ඔහු අලෙවි කර අතර එම මුදලින් කොටසක් වැය කර මෙම දේශපාලන පක්ෂය මිලදී ගෙන ඇතැයි බුද්ධි අංශ හෙළි කරයි.

සංචාරක මඟපෙන්වන්නෙක් ලෙස වෘත්තීයමය රැකියාව ආරම්භ කළ ඔහු හෝටල් ව්‍යාපාරිකයෙක් වී ඇත්තේ ජර්මන් ජාතික කාන්තාවක සමග ඇති කරගත් සම්බන්ධයක් මත බව තතු දත් තොරතුරු අනාවරණය කරයි.

පහුගිය කාලයේ සිදුවූ මිනිස් ඝාතන ඇතුළු පාතාල ක්‍රියා සම්බන්ධව නිරන්තරයෙන්ම මොහුගේ නම කියවිණි.

අවස්ථා දෙකකදීම මොහු වෙඩි ප්‍රහාරවලට ද ලක්ව තිබේ.

පොලීසියේ ඉහළ නිලධාරීන් රැසක් සමග මොහු ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන බව සඳහන් ය.

ඔහු විසින් මිලදී ගත් දේශපාලන පක්ෂයේ ක්‍රියාකාරිකයන් වී ඇත්තේ පසුගිය දිනවල කොළඹ සහ ඒ අවට ජාතිවාදී උද්ඝෝෂණවල නිරත වූ පිරිසක් බව ද බුද්ධි අංශ පැවැසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි