නවතම පුවත්

සහරාන්ගේ JMI ගෝලයෝ 2නෙක් අදත් අත්අඩංගුවට

අසංක

අසංක

පාස්කු ප්‍රහාරයට අදාළව තහනම් කරන ලද ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ තවත් සාමාජිකයන් 2නෙක් අම්පාර පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් මහනුවර ගෙලිඔය සහ ගාල්ල තිරමුණු මාවත පදිංචිකරුවන් ය.

රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට එම සංවිධානයේ 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සියලු දෙනාම නුවරඑළියේ පිහිටි සහරාන්ගේ පුහුණු කඳවුරේ ඔහු යටතේ අවි පුහුණුවීම් කළ අයයි.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් අතර සිටින එම සංවිධානයේ සන්නද්ධ නායකයා බව කියන තරුණයා අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ ළඟම ඥාති පුතෙක් බවට හෙළිවී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්