නවතම පුවත්

අපේක්ෂකයන්ට කොන්දේසි දැමීම ගැන ජනපතිට ලිපියක්

අසංක

අසංක

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඩුවම පැනවිය යුතු බවට ප්‍රතිඥා දිය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ.

එම ලිපිය පහත දැක්වේ.

19.08.2019
අතිගරු ජනාධිපතිවරයා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

ජනාධිපති අපේක්ෂකයන් වෙත කොන්දේසි පැනවීම

1. 2019 අගෝස්තු මස 18 වනදා ඔබ විසින් ප්‍රකාශ කර සිටින්නේ ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දිය යුතු බවයි.

1.1. ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයෙකු වන ඔබට එලෙස ජනාධිපති අපේක්ෂකයන්ට බලපෑම් කිරීමට, කොන්දේසි පැනවීමට ඇති අයිතිය ලැබෙන්නේ කුමන නීති වගන්තිය හරහා ද?

1.2. ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයකු වන ඔබ පනවන ලද එකී කොන්දේසිය ඉටු නොකළහොත් ඔබ කුමක් කරන්න ද?

2. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට හේතුවක් ලෙස ඔබ දිගින් දිගටම ඉදිරිපත් කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරට බන්ධනාගාර තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමයි. ඒ තුළින් ඔබ පිළිගන්නේ මෙරට බන්ධනාගාර පද්ධති එතරම් දූෂිත බවයි. 

2.1. එවැනි අන්ත දූෂිත බන්ධනාගාර පද්ධතියක් ඇති පසුබිමක් තුළ ඔබ විසින් අත්සන් තබන මරණ දඬුවම එකී දූෂිත බන්ධනාගාර පද්ධතිය තුළින්ම අදාළ පුද්ගලයාට එරෙහිව නිශ්චිතවම ක්‍රියාත්මක වේ යැයි ඔබට දිය හැකි සහතිකය කුමක්ද? එය ඔබ සහතික කරන්නේ කුමන ආකාරයකින් ද?

2.2. පුද්ගලයෙකුගේ මුහුණේ පෙනුම ඇතුළු සම්පූර්ණ හැඳුනුම් කම මුදලට වෙනස් කර හැකි, ක්ලෝනය කර හැකි නවීන ලෝකයක් තුළ හා ඔබ විසින්ම කියනා ආකාරයෙන් අප දූෂිත බන්ධනාගාර පද්ධතියක් තුළ, සිටින අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එම පුද්ගලයන්ම බවට දූෂණයෙන් තොරව තහවුරු කිරීමට ඇති ක්‍රමවේදය කුමක්ද යන්න පැහැදිලි කර දෙන ලෙස අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

2.3. බන්ධනාගාර පද්ධතිය තුළ කොතරම් දුරට ආරක්ෂාව තර කළද ඒ තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සාර්ථකව කරගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ උක්ත සඳහන් ආකාරයෙන් ඒ එම ජාවාරම්කරුවන් වෙනුවට වෙනත් අය බන්ධනාගාරය තුළ බන්ධනාගාර ගතවී සිටින නිසා විය නොහැකි ද?

3. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය සැපයීමට ඉල්ලුම නිර්මාණය කරන්නේ ඔවුන් විසින්ම ද? 

3.1. හොඳ මානසික තත්ත්වයක් තිබෙන පුද්ගලයෙකු හෝ තරුණයෙකු ඊට අසු වන්නේ කෙසේද? 

3.2. මෙරට දිනකට මහා මාර්ගයේ මියයන පිරිසටත් වඩා වැඩි පිරිසක් දිනකට සියදිවි නසා ගෙන මිය යෑමට තරම්, කුඩා කල සිට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වන්නට තරම්, මානසිකව පීඩා විඳින, මානසිකව වැටුනු, ආර්ථික වශයෙන් විනාශ වුන සමාජ තත්ත්වයක් මෙරට ජනතාවට උදා කර දුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ද? නැතහොත් දේශපාලකයන් ද?

3.3. ලෝක ස්වභාවය අනුව ඕනෑම දේකට ඉල්ලුම තිබෙන තාක් කල් සැපයුම ලැබෙන බැවින්, ඔබ විසින් මෙරට ජන සමාජයේ මත්ද්‍රව්‍ය ඉල්ලුම අඩු කරන, ඊට ගොදුරුවන සමාජයේ මානසික තත්ත්වය සුවපත් කරන, විශේෂ පුනරුත්ථාපන වැඩ පිළියෙලවල් කීයක් ආරම්භ කොට තිබේ ද? ඒවා මොනවාද?

4. ජනතාව මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් බේරා ගැනීමට හැකි හොඳම ක්‍රමය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එල්ලා මරා දැමීම බවට ඔබට උපදෙස් දුන් මෝඩ හා මානසික රෝගීන් ලෙස හැසිරෙන නිලධාරීන්/ පුද්ගලයන් කවුද? ඒ ස්ථාවරය සඳහා කර ඇති අන්තර්ජාතිකව පිළිගත් සමීක්ෂණ මොනවාද?

5. ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ද, සමස්ත ශුද්ධ වූ කතෝලික සභාවම ද මරණ දඬුවමට විරුද්ධ බැවින්, ඔබගේ පදනම අනුව ඔවුන් සියලු දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට සහය දෙන්නද?

මෙම මාතෘකාව පිළිබඳව දේශපාලන වේදිකාවල වචන දොඩවනවා විනා, හැකි නම් සෘජුව අප සංවිධානය ඉදිරියේ ප්‍රසිද්ධ මාධ්‍ය විවාදයකට පැමිණෙන ලෙස ඔබට ඉතාමත් ගෞරවයෙන් අපි අභියෝග කර සිටිමු.

මෙයට,

අසේල සම්පත්,
අධ්‍යක්ෂක මෙහෙයුම් හා ජාතික සංවිධායක
මහජන අයිතීන් සුරැකීමේ පදනම
Mobile: 0788714726

චිරන්ත අමරසිංහ,
මාධ්‍ය අධ්‍යක්ෂක 
මහජන අයිතීන් සුරැකීමේ පදනම
Mobile: 0773083479

පිටපත් :- 

– සභාපතිනිය – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
– ගරු. අග්‍රාමාත්‍යවරයා – අග්‍රාමාත්‍ය කාර්යාලය
– සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන වෙත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්