ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ බැංකු ගිණුම් 4ක තොරුතුරු නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව බැංකු ගිණුම් 15 කට අධික සංඛ්‍යාවක් පවතින අතර ඉන් හතරක පමණ තොරතුරු කිසිවක් ලබාදීමට එම ආයතනය අසමත්ව ඇති බවද ක්‍රිකට් ආයතනයට අදාලව සිදුකල වෝහාරික විගනණයෙන් අනාවරණය වී ඇත.

විශේෂයෙන්ම ක්‍රිකට් ආයතනය සතුව පවතින විදෙස් බැංකු ගිණුම් කිහිපයක් පිළිබඳවද කිසිදු තොරතුරක් ලබාදීමට ක්‍රිකට් ආයතනය අසමත්ව ඇති බව එම වාර්තාවේ දැක්වේ.

ඇමෙරිකාවේ බැංකුවක ඇති ගිණුමක් සම්භන්ධව විගනන නිලධාරීන්ගේ විශේෂ අවධානයක් යොමුව ඇති බවටද තොරතුරු සඳහන් වේ,.

මෙම විගණන වාර්තාවට අදාලව පිළිතුරු බැඳීම සඳහා ක්‍රිකට් ආයතනයට මේ වනවිට අමතර සතියක කාලයක්ද ලබාදී ඇති අතර ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ක්‍රිකට් ආයතනය තුල පසුගිය වසර කිහිපයකම සිට සිදුවූ අක්‍රමිකතා රැසක් පිළිබඳව මෙම වෝහාරික විගණන වාර්තාවේ සඳහන්ව ඇති බවටද දැනගන්නට ඇත