මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීම අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබු පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළ බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුවට දැන්වීය.
ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට යෝජනාවක් ඇතුළත් කර තිබුණි.
එම යෝජනාවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු නොවන බවට තීන්දු කර ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 3ක් ඉදිරිපත් විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 120 වගන්තිය ප්‍රකාරව යම් පනත් කෙටුම්පතක් ආණ්ඩූක්‍රම ව්‍යවස්ථාවට අනුකුල බව ප්‍රකාශ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැත.
එබැවින් මෙම පෙත්සම් තුන අධිකරණ විසින් ප්‍රතික්ෂේප කළ බව දන්වා ඇත.