සතොස හිටපු සාමාන්‍යාධිකාරි වසරක් හිරේට

Picture of අසංක

අසංක

රජයට මිලියන 4ක් අලාභ කළ බවට වරදකරු වූ සතොස හිටපු සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා මහතා වසරක සිර දඬුවමක් සහ රුපියල් 50,000ක දඩයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

ඒ 2002 වසරේදී සතොසට ආනයනය කරන ලද සහල් අඩු මිලට පෞද්ගලික අංශයට අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 4ක අලාභයක් කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට වරදකරු වීමෙනි.

ඒ අනුව ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන පනතේ 70 වන වගන්තිය අනුව දූෂණය නමැති චෝදනාවට වරදකරු බවට අධිකරණය නිගමනය කළේ ය.

එම දඬුවමට එරෙහිව විත්තිකරු අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥවරු විසින් අධිකරණයට දැනුම් දුන්නේය.