නවතම පුවත්

රජය සතු විශාලතම ගොඩනැගිල්ල ජනපති අගමැති එක්ව විවෘත කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රටේ ශ්‍රම බලකායට විශිෂ්ට සේවාවක් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණ ඇතිව ඉදිකළ කම්කරු දෙපාර්තමේන්තුවේ  “මෙහෙවර පියස” ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (20දා) පෙරවරුවේ විවෘත කෙරිණි.

2009 වර්ෂයේ දී ඉදිකිරීම ඇරඹු මෙම ගොඩනැගිල්ල සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 8500කි. දැනට රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල මෙය වන අතර, මහල් 32කින් යුත් ගොඩනැගිල්ල නවීන පහසුකම්වලින් සමන්විතය.

කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය මෙහි ස්ථානගත කර තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් ද, මහල් 05කින් යුත් රථ ගාලක් මෙන්ම මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොදු පහසුකම් ද නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන් ද කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ඇතුලු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා