ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට ලබාදී ඇති දීමනා පහසුකම් හා ගෙවීම් වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බදු මුදල් පැහැර හැරීමක් සිදුකර ඇති බව , විගණන දෙපාර්තමේන්තුව සිදුකල වෝහාරික විගනණයෙන් අනාවරණය වී ඇත . එසේම ක්‍රිකට් ආයතනය හා පුහුණු කරු අතර ඇතිකරගත් ගිවිසුම තුලද ගැටළු හා අක්‍රමිකතා රැසක් පවතින බව අනාවරණය වී ඇත. විශේෂයෙන්ම එම ගිවිසුම පිළිබඳව ක්‍රිකට් ආයතනයේ නීති අංශ නිසි ලෙස දැනුවත් කර නොමැති බවද මේ වනවිට හෙළිව ඇත / මේ අනුව මෙම බදු පැහැර හැරීම් පිළිබඳව පිළිතුරු බැඳීමට තවත් සතියක පමණ කාලයක් පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබාදී ඇත. සතියකින් අනතුරුව මෙම වාර්තාව කෝප් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට අදාළ කටයුතු සම්පාදනය කිරීමටද විගණන දෙපාර්තමේන්තුව කටයතු යොදා ඇත.