ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 23 වැනි හමුදාධිපති ලෙස වැඩ භාරගනී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වැනි යුද්ධ හමුදාධිපති ලෙස 2019 අගෝස්තු මස 21 වැනි දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලද අතර, ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී.