ශ්‍රී ලංකාවේ යුධ හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම , මෙරටට අමෙරිකානු මූල්‍යාධාර ලබාදීමේ ක්‍රියාවලිය වෙත ඍජුව බලපෑමට ඉඩ ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී. විශේෂයෙන්ම ඇමෙරිකානු මිලේනියම් සහයෝගිතාව හරහා මෙරටට ලබාදීමට නියමිත ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් සඳහාද මෙම පත්කිරීම අහිතකර ලෙස බලපානු ඇති බව රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇත. හමුදාපතිවරයා පත් කිරීමත් සමග මෙවැනි ආධාර වැඩසටහන් රැසක් පිලිබදව් නැවත සිත බැලීමට ඇමෙරිකානු රජය කටයුතු කරනු ඇති බවද රාජ්‍ය දෙපාර්තම්නේතු නිලධාරියා සඳහන් කර ඇත. මෙම මිලේනියම් සහයෝගිතාව ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන පද්ධතිය සහ යටිතල පහසුකම් නවීකරණය කිරීම අරමුණු කරගත් වැඩසටහනකි.