මුස්ලිම් විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වන පනත සංශෝධනයට ඊයේ (21)අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණද බාලවයස්කරුවන්ට විවාහ වීමේ හැකියාව තවදුරටත් නව සංශෝධනය ඔස්සේ ඉඩකඩ පවතින බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා පවසයි.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ එන විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය හා විවාහ වීම සදහා කැමැත්ත ප්‍රකාශ කිරීම යන කරුණු නව සංශෝධනයෙන් වෙනස් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
අමාත්‍යවරයා පවසන්නේ පනතේ නව සංශෝධනය මගින් විවාහ විය යුතු අවම වයස අවුරුදු 18 ලෙස සීමා කළ දිඊටවඩා අඩු වයසින් විවාහ වන්නේ නම් කාති උසාවියේ අවසරය මත’ එය සිදුකළ හැකි බවයි.
ඒ අනුව මුස්ලිම් විවාහ නීතියේ සමාජ ආන්දෝලනයට තුඩු දුන් අවම වයස් සීමාව වයස 18 දක්වා මුළුමනින්ම සීමා කරනු වෙනුවට පවතින නීති ප්‍රතිපාදන පරිදිම බාලවයස්කරුවන්ට ද විවාහ වීමේ හැකියාව පවතී.
නව පනත් සංශෝධනය මගින් කාන්තාවන් විවාහ වීමේදී මාපිය කැමැත්ත පරිදි විවාහ වීම වෙනුවට අදාළ කාන්තාවගේ ද කැමැත්ත මත විවාහ සිදුකිරීම කළ යුතුය.
එහෙත් කාන්තා කාතිවරියන් පත්කිරීමට කෙතරම් උත්සහ කළ ද ආගමික නායකයන්ගේ කැමැත්ත නොලැබුණු බැවින් නව සංශෝධනයට කාන්තා කාතිවරියන් පත්කිරීමට හැකිය යන්න ඇතුළත් නොකළ බව ද අමාත්‍යවරයා පැවැසීය.
මුස්ලිම් විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පනත වෙනස් කළ යුතු බවට මුස්ලිම් ප්‍රජාවගේ මෙන්ම මානව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානවලින් දිගින් දිගටම අදහස් ඉදිරිපත් වීම හේතුවෙන් පනත සංශෝධනයට රජය පියවර ගෙන තිබේ.
නවතම පුවත්
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
අද (24) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 77.50 ක ඉහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව...
24 April 2024
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු...
24 April 2024
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහ ජනාධිපති...
24 April 2024
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා...
22 April 2024
වතුකරයේ හර්තාල් !
වතුකරය පුරා වතු කම්කරුවන් කළු කොඩි ප්‍රදර්ශනය කර කළු පටි පැළද වැඩ වර්ජනයක නියැලෙමින් ප්‍රධාන නගර වලට...
22 April 2024
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
.
සියලු පෝෂණ ගුණ සහිත ඖෂධයක් හා ආහාරයක් ලෙස අද මුළු ලෝකයම පිළිගෙන තිබෙන, බොහෝ රටවල මන්දපෝෂණය දුරන්...
22 April 2024
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් කරා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවා අද...
15 April 2024
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නිරෝගීභාවය ප්‍රාර්ථනා කරමින් සිදුකරනු ලබන හිසතෙල් ගෑමේ නැකත උදාවී තිබේ.
අද...
15 April 2024
No posts found