නවතම පුවත්

ඉදිරි වසර 10 තුළ මැරෙනවද නැද්ද කිවහැකි රුධිර පරීක්ෂණයක් – 83%ක් නිවැරැදියි

අසංක

අසංක

ඉදිරි වසර 10 තුළ පුද්ගලයෙකු මියයාමේ අවදානම පිළිබද අනාවැකි පළකිරීමේ හැකියාව ඇති නව ආකාරයේ රුධිර පරීක්ෂණයක් පිළිබද අනාවරණය කෙරේ. සිරුරේ ඇති විවිධ ජානමය ලක්ෂණ දුසිමකට අධික සංඛ්‍යාවක් මත පදනම්ව කරනු ලබන මෙම නව රුධිර පරීක්ෂණයෙන් කරනු ලබන අනාවැකියේ නිරවද්‍යතාව 83%ක් බව සමීක්ෂකයෝ පවසති. නව රුධිර පරීක්ෂණයෙන් කරනු ලබන අනුමාන දැනට පවතින සාම්ප්‍රදායික රුධිර පරීක්ෂණ සියල්ලට වඩා නිරවද්‍ය බවට ද පැවසේ.

16 වසරක් තිස්සේ කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙය සොයාගෙන ඇත. මේ සදහා මිනිසුන්  44168 දෙනකු යොදාගෙන ඇති අතර ඔවුන් අවුරුදු 18ත් 109ත් අතර වයසෙහි පසුවන්නන් ය. සමීක්ෂණය අතරතුර 5512 දෙනකු මියගොස් තිබුණේ රුධිර පරීක්ෂාවේදී කරන ලද අනාවැකිවල නිරවද්‍යතාව තහවුරු කරමිනි.

අපගේ සෞඛ්‍යය හා සම්බන්ධ, ඒකිනෙකට වෙනස් ස්වභාවික ජෛවමය සලකුණු, ජානමය තත්ත්වයන් 14ක් මෙම අනාවැකි පළකිරීම සදහා මූලික වශයෙන් යොදාගනු ලබයි.

මරණයට හේතුවන බවට හදුනාගෙන ඇති දැනට පවතින  රෝග, හේතුකාරක යැයි සැළකෙන සියලු  කරුණු මේ ඔස්සේ වඩාත් නිවැරැදි ලෙස පරීක්ෂණ කිරීමට සමීක්ෂකයන්ට හැකිවී තිබේ.

කෙසේවෙතත් මෙම රුධිර පරීක්ෂාව දැනට පවතින වඩාත් පුළුල්ම සායනික පරීක්ෂාවට වඩා බෙහෙවින් සංකීර්ණ ක්‍රියාවලියක් බව ද සමීක්ෂකයෝ පවසති.

ජර්මනියේ ජෛව විද්‍යා හා වයෝවෘද්ධවීම් පිළිබද මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ වෛද්‍ය ඩෝරිස් ඩීලන් පවසන්නේ මෙම සමීක්ෂණය යුරෝපා රටවල පුද්ගලයන් ආශ්‍රිතව පමණක් සිදුකළ බැවින් වෙනස් ජාතීන්ගේ ද නියැදි ලබාගෙන සමීක්ෂණය පුළුල් කර ලොව පුරා පුද්ගලයන්ට අදාළ වන ලෙස සමීක්ෂණය සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා