වකුගඩු රෝගින්ගේ මුදල් වලටත් විද්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වකුගඩු රෝගීන්ට ආධාර කිරීම සඳහා යැයි පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2016 වසරේ ආරම්භ කර ඇති ක්‍රිකට් ඒඩ් සමාගම , මේ දක්වා කිසිදු වකුගඩු රෝගියෙකුට කිසිදු අධාරයක් ලබාදී නොමැති බව විගනන දෙපාර්තමේන්තුව සිදුකල වෝහාරික විගනනයෙන් අනාවරණය වී ඇත.

එසේම එම ක්‍රිකට් එඩ් සමාගම පිහිටුවා ඇත්තේ නීති විරෝධී ආකාරයට වන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවෙන් අවසර ලබාගෙන නොමැති බවත් විගනන වාර්තාවේ දැක්වේ.

එසේම විදේශ රටවලින් මුදල් ආධාර ලබාගැනීම සඳහා මෙම සමාගම නීති විරෝධී ලෙස ගිණුම් ආරම්භ කර ඇති බවත් වාර්තාවේ.