සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අද කොළඹ – පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිත වුවත් අද උදෑසන ඇතිවූ වර්ෂාව නිසා මේ වන විටත් තරගය ආරම්භ කිරිමට නොහැකිවී ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණොත් මේ වන විට ලකුණු 60ක් සමඟින් තමන් සන්තකයේ තබාගෙන සිටින ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රඳවා තබාගැනීමේ අවස්ථාව හිමි වෙනවා.
ඒ, මුළු ලකුණු ප්‍රමාණය ද 120ක් දක්වා ඉහළ නංවා ගනිමින්. මෙම තරඟයේ පළමු ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවරම පන්දු යවන්නා වූ අකිල ධනංජයට මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් එල්ල වී ඇති ‘වැරදි පන්දු යැවීමේ ඉරියව්’ චෝදනාව ශ්‍රී ලංකා කණ්ඩායමට යම්කිසි පීඩනයක් ගෙන දෙන කරුණක් බවට පත්ව තිබෙනවා.
එමෙන්ම දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට දිල්රුවන් පෙරේරා අද තරඟයේ ක්‍රීඩා කිරීමට නියමිත බව ද වාර්තා වෙනවා.
අද ආරම්භ වන තරඟය සම්බන්ධයෙන් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිරෝෂන් දික්වැල්ල කියා සිටියේ තරඟය පැවත්වෙන තණතිල්ල පිතිකරුවන්ට සහ වේග පන්දු යවන්නන්ට වාසිදායක බවයි.