එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරු වුවත් එක්සත් ජාතික පක්ෂය දෙකඩවිම වැළැක්විය නොහැකි බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ අද (22) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම්මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති රැස්විමකට එක්වෙමිනි. සාමාන්‍යයෙන් පක්ෂ නායකත්වයට ගරු නොකරන පුද්ගලයෙක්ට තවදුරටත් එම පක්ෂ නායකත්වය යටතේ කටයුතු කළ නොහැකි බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වයට ගරු නොකරන පිරිසක් නිර්මාණය වී ඇති බවයි.
ජනාධිපතිවරණ අපෙක්ෂකත්වයට එක්සත් ජාතික පක්ෂයෙන් කවුරු ඉදිරිපත් කළද මේ ගැටුම තවතවත් උග‍්‍රවන බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා, රනිල් වික‍්‍රමසිංහ සජිත් පේ‍්‍රමදාස කරූ ජයසූරිය ඇතුළු සියලූ දෙනා එක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජයග‍්‍රහණය කරවීම සඳහා ජනතාව ගෙන ඇති තීන්දුවට කිසිදු බලපෑමක් සිදුනොවන බවද පෙන්වා දුන්නේය.