ජනාධිපති කොමිසම හමුවට අද අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනෙක් කැදවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වත්මන් රජය සමයේ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවට අද (23) දින අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙකු කැඳවා ඇත.

පාසල් පෙළ පොත්වලට විෂය භාර අමාත්‍යවරයාගේ ඡායාරූපයක් ඇතුළත් කිරීමේ සිද්ධියට අදාළ බාහිර කරුණු විමසීම් සඳහා මෙම ලේකම්වරුන් කොමිසම වෙත කැඳවා ඇත.

මේ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක මෙලෙස ජනාධිපති කොමිසම හමුවට කැඳවා ඇති බවටද වාර්තාවේ,

අමාත්‍යංශ සැපයුම් අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරන එයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතාට ලබාදුන් ස්ථාන මාරුව පිළිබඳව කොමිසම මෙම ලේකම්වරුන්ගෙන් කරුණු විමසනු ඇත.

පාසල් පෙළ පොත්වලට විෂය භාර අමාත්‍යවරයාගේ ඡායාරූපයක් ඇතුළත් කිරීමේ සිද්ධියට අදාළව මෙම ස්ථාන මාරුව ලබා දුන් බව කොමිසම මීට පෙර සඳහන් කර තිබිණ