එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සඳහා අරලියගහ මන්දිරයේදී අද පැවැත්වෙන භෝජන සංග්‍රහය රාත්‍රි 8ට ආරම්භ වේ.
එම වේලාව සකස් කර ඇත්තේ මාතර පැවැත්වෙන සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ උත්සවයට සහබාගී වන අයටද පැමිණිය හැකි ලෙස බව විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවැසූහ.
මෙය කැඳවා ඇත්තේ අගමැතිවරයා විසිනි.
මෙම භෝජන සංග්‍රහයේදී ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කනක හේරත් මහතා අද මාධ්‍ය හමුවකදී පැවැසුවේ අද රාත්‍රි භෝජන සංග්‍රහයේදී කරූ ජයසූරිය මහතා ඉල්ලා අස්වන බව දැන්වීමේ සූදානමක් ඇති බවයි.
ඒ අනුව ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවමත් එජාපය තුළ අර්බුදයක් පවතින බව ද හෙතෙම පැවැසීය.