පකිස්තානු ත්‍රස්ත සංවිධාන කිහිපයකම සාමාජිකයින් ශ්‍රී ලංකාව තුලද රැදී සිටින බවත් , ඔවුන් තම ත්‍රස්ත ක්‍රියා සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා භූමියද භාවිතා කරන බවත් ඉන්දීය බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත.
මේ අනුව මෙම තොරතුරු ශ්‍රී ලංකා රජයට හා ආරක්ෂක අංශ වෙත කඩිනමින් ලබාදී , අවශ්‍ය ඒකාබද්ධ ත්‍රස්ත මර්ධන ක්‍රියාමාර්ග දියත් කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ මේ වනව්ටත් සැලසුම් කර ඇත.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමග පුළුල් බුද්ධි තොරතුරු හුවමාරු වැඩසටහනකට යොමුවීමට ඉන්දීය ආරක්ෂක අංශ බලාපොරොත්තුවේ.
මේ හරහා පකිස්තානු ත්‍රස්ත කල්ලි ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම වලකා ලීමට කටයුතු යෙදීමටද ඉන්දීය ආරක්ෂක අංශ යාන්ත්‍රණයක් සකසමින් ඇති බව තානාපති ආරංචි මාර්ග අනාවරණය කර සිටී.