“මට මතකයි 71- 89 කාලේ. මේ තරුණයන් සමහර විට අහලත් ඇති. ඇඹිලිපිටියේ ඉඳන් බටලන්දට වෙනකල් වධකාගාර තිබුණා. එදා තරුණයෝ මරපු අයට නීතිය ක්‍රියාත්මක වුණා නම් අද මේ රටේ පාලකයෝ ඉතුරු වෙන්නෙ නෑ. අද රට පාලනය කරන සමහර අය එදා තරුණයන්ට එහෙම වධ දීපු අය. මම ඔබට කියන්නෙ ළඟ නොබලන්න පුත, දුර බලන්න.” යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි
ඔහු මේ බව කියාසිටියේ අද නෙළුම් පොකුණ රගහලේ පැවැති ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ පළමු තරුණ සමුළුව අමතමිනි.
සෑම දිස්ත්‍රික්කයකින්ම තරුණ තරුණියන් මේ සඳහා සහබාගි විය.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/08/IMG_20190824_190806-1024x679.jpg)