ලංකාවේ ඉඳන් එන සැකකරුවන් අත්අඩංගුවට ගන්න ඉන්දු වෙරළේ මෙහෙයුමක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට ඇතුළුවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මේ වනවිට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

අද දින පෙරවරුවේ ඉන්දීය ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත් ලෂ්කාර් ඊ ටයිබා ත්‍රස්ත සංවිධාන සාමාජිකයින් පස් දෙනාගෙන් ලද තොරතුරු මත මෙම මෙහෙයුම් දියත් කර ඇත.

මෙම ත්‍රස්තයින් පස් දෙනා ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඇතුළුවූ බවට මේ වනවිට අනාවරණය වෙමින් ඇත.

ලෂ්කාර් ඉ ටොයිබා ත්‍රස්ත සංවිධානයට අයත් පුද්ගලයින් 6 දෙනෙකු මුහුදු මාර්ගය මගින් ශ්‍රී ලංකාවේ සිට පසුගියදා ඉන්දියාවේ තමිල්නාඩු දක්වා සංක්‍රමණය වී ඇතැයි ඉන්දීය බුද්ධි අංශ වාර්තා කර තිබින.