හංවැල්ලේ වෙඩිතැබීමක්: 2ක් මරුට

Picture of අසංක

අසංක

හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රී 9.30ත් 10.00ත් අතර මෙම වෙඩි තැබීම සිදුව ඇත.

යතුරු පැදියකින් පැමිණි මුහුණු ආවරණය කරගත් නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පලා ගොස් ඇත.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ 43 හැවිරිදි නිවෙස් හිමියා සහ 32 හැවිරිදි අනෙක් පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.