පැය 24යි: රිය අනතුරු 6යි: 7ක් මරුට

Picture of අසංක

අසංක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ දිනයේ සිදුවූ රිය අනතුරු 6කින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තිබේ.

උඩුදුම්බර, පානදුර, සෙට්ටිකුලම, කුරුණෑගල, කෑගල්ල, මොනරාගල ප්‍රදේශවල මෙම අනතුරු සිදුවී තිබුණි.

මොනරාගල අනතුර වී තිබුණේ 17 හැවිරිදි තරුණයකු බසය නැවතීමට පෙර බැසීමට යාමේදී බිම ඇදවැටීම නිසාය.