ජම්මු කාශ්මීර් ගිය රාහුල් ගාන්ධි හරවා එවලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෝදි රජය විසින් ජම්මු කාශ්මීරයේ ප්‍රාන්ත තත්වය අහිමි කිරීමෙන් පසු එහි පවතින උණුසුම් වාතාවරණය පිළිබඳව සොයාබැලීම සඳහා කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ඇතුලූ විපක්ෂ දේශපාලනඥයන් පිරිසක් ඊයේ ප්‍රාන්ත අගනුවර වන ශ්‍රී නගර් වෙත ගියා.

ඒ, ශ්‍රී නගර් හි ආණ්ඩුකාර සත්‍ය පාල් මලික් විසින් කරන ලද ආරාධනයකට අනුවයි. කෙසේ නමුත් රාහුල් ගාන්ධි ඇතුළු පිරිස ගුවන් තොටුපලෙන්ම හරවා එවා ඇති බවයි වාර්තා වන්නේ.

රාහුල් ගාන්ධි කියා සිටියේ, කාශ්මීරයේ තත්ත්වය සාමාන්‍ය නොවන බවත්, එහි චාරිකා කිරීමට විපක්ෂ දේශපාලනඥයන්ට ඉඩ නොදීමෙන් එය තහවුරු වන බවත්ය.