ගුණතිලකට කරන්නාගොඩට අලූත් ලාංඡන එංගලන්තයෙන්

Picture of අසංක

අසංක

ගුවන් හමුදාවේ ඉහළම නිලයවන මාර්ෂල් ඔෆ් ද ඒයාර් ෆෝස් සහ නාවික හමුදාවේ ඉහළම නිලය වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් සදහා නිලයෙන්ට උසස් කරනු ලැබු රොෂාන් ගුණතිලක සහ වසන්ත කරන්නාගොඩ නිලධාරින්ගේ උසස්වීමට අදාල ලාංඡන එංගලන්තයෙන් ඇණවුම් කර ගෙන්වීමට පියවරගෙන ඇත.


අදාල තනතුරු හෙබවුවන් මෙතෙක් මෙරට නොසිටිම හේතුවෙන් ඊට අදාල ලාංඡුන, පළදනා සහ යෂ්ටිය මෙසේ එංගලන්තයෙන් ගෙන එමට කටයුතු කර තිබිණි.


දින දෙක තුනක් තුළ එම කටයුතුවලට අදාල දෑ අවසන් වු වහාම ත‍්‍රිවිධ හමුදා උත්තමාචාරයක් පවත්වමින් මෙම නිලයන්ට අදාල උසස්වීමේ ගෞරව ආචර පෙළපාලිය කොළඹදී පැවැත්වීමට නියමිතය.