එජාපයේ ප්‍රබලයන් කණඩායමකගෙන් දැඩි තීරණයක්

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව පවත්වන සකච්ජාවෙදීද , ජනපති අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වුවොත් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු වලදී ” නිහඬව ” සිටීමට එජාප ප්‍රබලයින් කිහ්පදෙනෙකු තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල පැවැත්වීමට නියමිත අදාළ සාකච්ජාවේදී ජනපති අපේක්ෂකයා පිළිබඳව , සුදුසු හා ස්ථාවර තීරණයක් අනිවාර්යයෙන්ම ගත යුතු බව මෙම ප්‍රබලයින් පක්ෂ නායකත්වය ඇතුළු සියලු පාර්ශව දී ඇත .

එසේ නොවුනහොත් ඉදිරියේදී පක්ෂයේ දේශපාලන කටයුතු වලින් ඈත්ව , නිහඩ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බව මෙම ප්‍රබලයින් අවධාරණය කර ඇති බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිය්ටී .

මෙම ප්‍රබලයින් අතර කැබිනට් මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුද වේ.