පලෙයි දොස්තර හැංගූ අවිආයුධ තොගයක් හමුවෙයි

Picture of අසංක

අසංක

අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රදවා සිටින පලෙයි රෝහලේ වෛද්‍ය නිලධාරී සින්නයියා ශිවරූබන් විසින් සගවා තිබූ අවිආයුධ තොගයක් සොයාගෙන තිබේ.

ඔහුගෙන් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව ඔහු විසින් කරන්ඩිය ප්‍රදේශයේ සගවා තිබු ඒකේ47 ගිනි අවියක්, ඒම මැගසින් 2ක්, ඒම සජීවී පතුරම් 120ක්, ජීව අත්බෝම්බ 11ක්, පීඊ10 පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක්, දුරදක්නයක් ඇතුළු දේපළ කිහිපයක් ආරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

සැකකරු පිළිබද තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.