ප්‍රංශයේ 60 හැවිරිදි පුද්ගලයෙක් තම නාන කාමරය තීන්ත ගාමින් සරසමින් හිටියා. ඔහු සිටියේ ඉනිමගක නැගිලයි. හදිසියේම ලිස්සා ගිය අතර ඔහුගේ හිස ඉනිමගේ කොටසක් තුළ සිරවුණා.
කෙසේහෝ හිස එළියට ගැනීමට උත්සහ කළත් ඔහුට එය කළ හැකිවූයේ නැහැ. දින 5ක් ඔහුට ඒලෙසටම සිටීමට සිදුවූයේ අතපයට අසුවන හෝ කිසිවක් අඩුම තරමින් ජංගම දුරකතනයවත් අල්ලා ගැනීමට නොහැකි වූ නිසයි.
දින 5කට පසුව ඔහුගේ සොයුරිය ඔහු බලන්නට ආ පසු වූ සිද්ධිය දැකීමෙන් ඇය ද මහත් කම්පනයට පත්වී තිබුණා. ඉතා මහළු මෙම පුද්ගලයාගේ හිසට ලේ පිරී තිබුණා. වහාම ඔහු රෝහල්ගත කර අතර මුලින්ම ඒම ලේ ඉවත් කිරීමට සිදුවී තිබුණා. වාසනාවකට ඔහු හොදින් ඉන්නවා. නමුත් දින 5ක් තිස්සේ හිස ඉනිමගක් තුළ සිරවී සිටි ඔහුගේ කම්පනය නම් තවමත් ඔහුගෙන් ඉවත්ව නැහැ.