වෙන්නප්පුව වෛක්කාල් ප්‍රදේශයේ දී 19 හා 8 හැවිරිදි දරුවන් දෙදෙනකු ඝාතනය කළ සැකකරු පොලීසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.
28 හැවිරිදි සැකකරු කොළකැද ව්‍යාපාරයක් කරනු ලබන තැනැත්තෙකි.
ඔහු කන්ටේනර් බහලුමක් තම ව්‍යාපාරය සදහා යොදාගෙන ඇති අතර එය සවි කර තිබී ඇත්තේ නිවසක් සහිත ඉඩමක් ඉදිරිපිට මාර්ගය අයිනේ ය.
වැසි දිනවලදී මෙම කන්ටේනර් බහලුම මතුපිට එකතු වන වැසි ජලය නිවස පිහිටි ඉඩමට වැටී බැසයන බැවින් ඒම නිවසේ හිමිකරුවන් ඒ බව ප්‍රදේශීය සභාවට පැමිණිලි කර තිබේ.
සැකකරු විසින් එම ක්‍රියාවට කෝපගෙන සිට ඇති අතර අද පෙරවරු 10ට පමණ ඒම නිවසට කඩාවැදී ඇත.
නිවසේ ඒම අවස්ථාවේ පියා රැකියාවට ගොස් සිට ඇති අතර මව සිට ඇත්තේ උඩුමහලේයි.
පහල සිට ඇත්තේ ඝාතනයට ලක්වූ දරුවන් දෙදෙනා ය. ඔවුන් දෙදෙනා සැකකරු විසින් කපා කොටා ඝාතනය කොට පොලීසියට ගොස් භාරවී තිබේ.
ඝාතනයට ලක්වූ 19 හැවිරිදි තරුණිය පසුගියදා උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුවියකි.